ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

මුදල් ලැබෙන්නේ කවදාද?
2026 වසරේ බදු වාර්තාව (Modello 730/2026) Senza sostituto d’imposta ලෙස ඉදිරිපත් කළ පුද්ගලයන්ට ලැබිය යුතු බදු ආපසු ගෙවීම් (Rimborso IRPEF) 2026 දෙසැම්බර් මාසයේ සිට ආරම්භ වීමට නියමිතයි.
මෙම ගෙවීම් සිදු කරනු ලබන්නේ ඉතාලියේ බදු දෙපාර්තමේන්තුව වන Agenzia delle Entrate විසිනුයි.
🔎 ඔබ දැනගත යුතු වැදගත් කරුණු
✅ 1. බදු මුදල පරීක්ෂා කරන්න
ඔබගේ 730-3 (Prospetto di liquidazione) ලේඛනයෙන් ඔබට ලැබිය යුතු මුදල පරීක්ෂා කරන්න.
✅ 2. බැංකු ගිණුමේ IBAN අංකය
Agenzia delle Entrate වෙත නිවැරදි බැංකු ගිණුම් තොරතුරු ලබාදී තිබේදැයි පරීක්ෂා කරන්න.
✅ 3. IBAN ලබාදී නොමැති නම්?
අදාළ කොන්දේසි යටතේ Poste Italiane හරහා සහතික කළ ගෙවීම් ලේඛනයක් මගින් මුදල් ලබාගැනීමට හැකියාව තිබෙනවා.
⚠️ වැදගත් අවවාදය
සියලු දෙනාටම එකම දිනයක මුදල් ලැබෙන්නේ නැහැ. බදු වාර්තාව ඉදිරිපත් කළ දිනය සහ Agenzia delle Entrate විසින් සිදුකරන පරීක්ෂාවන් අනුව ගෙවීම් ප්‍රමාද විය හැකියි.
විශේෂ පරීක්ෂාවකට ලක්වන ඇතැම් වාර්තා සඳහා මාස හයක් දක්වා කාලයක් ගතවිය හැකියි.
📢 ඉතාලියේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ට වැදගත් බදු සහන, රැකියා, ලේඛන සහ නව නීති පිළිබඳ තොරතුරු දැනගැනීමට අප සමඟ රැඳී සිටින්න.
📺 DASUN TV
ඉතාලියේ සහ ලෝකයේ උණුසුම් පුවත් ඔබ වෙත!
👍 LIKE | 🔔 FOLLOW | ↗️ SHARE
🌐 www.dasuntv.net
#DasunTV